පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

maithripala-sirisena--nittambuwa

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව තමාගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව සහ තමා කිසිඳු දෙයක් නොදැන සිටි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

නඩු තීන්දුවේ සඳහන් කර ඇත්තේ, තමා වරදක් කර ඇති බවට නොවන බවත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් බරපතළ වැරැද්දක් කළහොත් ඒ සඳහා ජනාධිපතිවරයාද වගකිව යුතු බව යැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.