නව බිත්තර මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝණය කරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට රුපියල් 100,000 සිට රුපියල් 500,000 ක් දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බව එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළා.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

