දෙමළ මන්ත‍්‍රීවරු පිරිසක් ආණ්ඩුවට

govt
රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසේ.
දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම්, එම සන්ධානය නියෝජනය කළ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාකි‍්‍රෂ්ණන් ඇතුඵ හිටපු ඇමැතිවරු කිහිපදෙනෙකු රජය ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දිය යුතු ද නැති ද සහ රජයට එක්විය යුත්තේ කුමනාකාරයෙන් දැයි මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි ද මෙම ආරංචි මාර්ග වල සදහන් වේ.
දමිළ දේශපාලන පක්ෂ මන්තී‍්‍රවරුන්ට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ තවත් සුළු පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු පිරිසක් ද රජයට එක්වීමේ සූදානමක් පවතින බවත් ඒ වෙනුවෙන් ද මේ වන විට ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසේ.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව මන්ත‍්‍රී ධුර හයක් දිනා ගත් දමිළ ප‍්‍රගතශීලි සන්ධානය නියෝජනය කරන මන්තී‍්‍ර කණ්ඩායම තමන් රජයට සහාය ලබා දෙන්නේ කුමනාකාරයෙන් දැයි තීරණය කිරීම වෙනුවෙන් ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
Ashanthi Warunasuriya