රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161
වන ජන්ම දිනය සිහිපත් කරමින් විද්‍යාලය විසින් වාර්ෂික ව සංවිධානය කරන වැඩසටහන් මාලාව
මෙවර ද උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන
ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව විද්‍යාලයේ 127 වන ජන්ම දින සැමරුම ද මෙදින
සිදුවිය. සිංහල බෞද්ධ දරුවන්ගේ ස්වභාෂා අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීමටත්, යටත්විජිත
යුගයේ පරාධීන මානසිකත්වයෙන් සිංහල බෞද්ධ ජනතාව මුදවා ගන්නටත්, සමස්ත ලෝකවාසී
බෞද්ධයන්ගේ ම පූජනීය උරුමයක් වූ ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගන්නටත් අනගාරික
ධර්මපාලතුමා විසින් සිදුකරන ලද අනුපමේය මෙහෙවර උදෙසා කෘතවේදීත්වය පළකිරීමත්,
ධර්මපාල චින්තනය අනාගතයට රැගෙන යාමත් මෙවර ද අනුස්මරණ වැඩසටහන් මාලාවේ
අරමුණු අතර විය.
මෙම ගුණ සමරු උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා දින රාජගිරිය
හේවාවිතාරණ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී රාත්‍රී පරිත්‍රාණ දේශනාවක් පැවැත්වූ අතර, පසුදින
එනම් 17 වන දින උදෑසන සංඝගත දක්ෂිණාව පූජා කිරීමත් සිදුවිය. රාජගිරිය මංසන්ධියේ මෙන්ම
හේවාවිතාරණ මහා විද්‍යාල පරිශ්‍රයේ ඇති ධර්මපාලතුමන්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීමත්,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනයත් මෙවර පැවැත්වූ වැඩසටහන් අතර විය. ශ්‍රීමත්
අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනය මෙවර පවත්වනු ලැබූයේ සබරගමු පළාත් හිටපු
ආණ්ඩුකාර ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමන් විසිනි. ඔහු හිටපු මහේස්ත්රාත්වරයෙකු මෙන්ම
නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මියන්මාරය යන රටවල හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා
ද වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති අරෝෂ
අතපත්තු මහතා, රාජගිරිය ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, හිටපු නගරාධිපති ජනක
රණවක, නියෝජ්‍ය නගරාධිපතිතුමිය, නාගරික මන්ත්‍රීවරු, අවට පාසල්වල විදුහල්පතිවරු, පාසල්
සිසුන් සහ ගුරුභවතුන්, ආදි ගුරුභවතුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක්
සහභාගී විය. විද්‍යාලයේ විදුහල්පති නිලන්ත වන්නිආරච්චි මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම
මත වැඩසටහන් මාලාව සංවිධානය විය.


