භාවිතා කරන ලද පොල්තෙල් පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එසේම මිරිස් කුඩු, කරපිංචා, කහ ඇතුළු කුළුබඩු වර්ගයන් ද විවිධ ද්‍රව්‍ය කලවම් කර මහජනතාවට අලෙවි කරන බවට වාර්තා වී ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමීර මුතුකුඩ සඳහන් කළේ.
උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රමිතින් සපුරාලීම සහතික කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙසැම්බර් 01 වැනිදා සිට වැටලීම් ආරම්භ කළ අතර, එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසල් 5000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, වෙළෙඳසල් 450කට නඩු පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

