වෘත්තීය සමිති බිය වැද්දුවොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා – දුම්රිය ස්ථානාධිපතිවරුන්

sumeda-kariyawasam

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා‌ සේ සලකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට මුවාවෙන් බිය වැද්දවීමට කටයුතු කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යාමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.

එසේම අනෙකුත් වෘත්තීය සමිතිද එක් කරගනිමින් වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

668e300a787d2