ගුරු-විදුහල්පති වෘත්තීය සමිති හෙට පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට තීරණය කරයි

black-protest

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.

වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.