ඉපලෝගම නිවසක අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ සිරුරක්

WhatsApp Image 2024-06-17 at 21.11.23

24-06-17
කැකිරාව කුෂාන් ජයවර්ධන

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඉපලෝගම ප්‍රදේශයේ නිවසක් තුල තිබී අද (17) සවස ඉපලෝගම පොලිසිය මඟින් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ඉපලෝගම පුංචිකුලම ප්‍රෙද්ශයේ නිවසක් තුල තිබී පොලිසිය එම මල සිරුර සොයා ගෙන තිබේ.

මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක් වන යතිනුවර අමුණුපුර බනනවත්තේ ගෙදර ඉරේෂා මදුමාලි නමැති තිදරු මවක බව පොලිසිය කියයි.

ඇය සහ ඇයගෙ එක් දරු‍වෙකු පමණක් මෙම නිවසේ සිට ඇති අතර සිද්දිය සිදුවන අවස්ථාවෙ එම නිවසේ කිසිවකුත් සිට නැති බව සිදුකළ මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි ද නිවසේ දොරවල්ද සාමාන්‍ය පරිදි විවෘතව තිබූ බව පොලිසිය කියයි.

එම නිවසේ සාලයේ ඇති මළ සිරුරේ ඉනෙන් පහළ කොටස බිම වැතිරි ඇති අතර මළ සිරුරේ කඳ හා හිස කොටස සාරියකින් අඹරූ ලණුවක් ආධාරයෙන් නිවසේ වහළයේ එල්ලෙමින් පවතී.

පවතින තත්වය අනුව මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් නිෂ්චිව හඳුනා ගැනීමට නොහැකි ව ඇති බව පොලිසිය කියයි.

අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරමින් සිටී..