යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 838ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289ක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 10ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 246ක් ද සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම මෙහෙයුමේදී හෙරොයින් 211g ක්, අයිස් 78g ක්, ගංජා 16kg 600g ක්, ගංජා පැළ 9,974ක්, මත්පෙති 1,192 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

