Online Safety පනතට රටේ ජනතාවගෙන් 98% ක් විරුද්ධයි – හර්ෂ ද සිල්වා

harsha-de-silva-public-finance

Online Safety පනතට රටේ ජනතාවගෙන් 98% ක් විරුද්ධ බව IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව සිදුකළ මත විමසුමේදී තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ පාර්ලිමේන්තුවෙන් එළියෙද නැතහොත් ඇතුළතද යන්න ඒ හරහා හොඳින් පැහැදිළි වන බවයි අද (24) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි පසු මෙම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.