පුරප්පාඩු වී ඇති විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්රමරත්න පවසනවා.
ඒ අනුව, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති, දැනට රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ වනවිට විගණන නිලධාරී තනතුරු 400ක් පමණ පුරප්පාඩු වී පවතින බවද, මේ හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් යුතුව කිරීමට සිදුව ඇති බවද විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

