වැඩබලන පොලිස්පතිට එරෙහිව කාදිනල් හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම 31 වැනිදා සලකා බැලේ

court-2

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 31 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසට අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

දැනට වැඩබලන පොලිස්පති ලෙස සේවය කරන දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපා හරින ලෙසටත්, ඔහු පොලිස්පති ලෙස උසස්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අදාල පෙත්සම කැඳවනු ලැබූ අතර, උක්ත කරුණ සම්බන්ධයෙන්ම තවත් පාර්ශව දෙකක් මගින් ගොනු කර ඇති පෙත්සම් ද 31 වැනිදා කැඳවීමට දින නියම කර ඇති බැවින්, මෙම පෙත්සමද එදිනට කැඳවන ලෙසයි අති‍රේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.