සිවිල් ඇඳුමින් වාහන නැවැත්වීම තහනම් කරමින් පොලිසියට නව උපදෙස් මාලාවක්

traffic (1)

සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවලදී රථවාහන පරීක්‍ෂා කිරීමටත්, නැවැත්වීමටත් කටයුතු නොකරන ලෙසට නව උපදෙස් මාලාවක් පොලිසියට නිකුත් කර තිබෙනවා.

මෙම උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා  දුන් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.