අයහපත් කාළගුණයෙන් හානියට පත් වූ කුඹුරුවල හානි තක්සේරු කටයුතු වහාම අරඹනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

agri

අයහපත් කාළගුණයෙන් හානියට පත් වූ කුඹුරුවල හානි තක්සේරු කිරීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

පසුගිය මාස කිහිපය පුරා පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්වී තිබෙන බවයි සඳහන් වන්නේ.