පවුල් ආරවුලක් සම්බන්ධයෙන් හොරණ අධිකරණයේ විභාගය වන නඩුවකට සහභාගිවීම සඳහා පැමිණි පුද්ගලයකු පවුල් උපදේශන කාර්යාලය තුළදී තම කුඩා දරුවා ඉදිරිපිට බිරිඳට පහර දීම සම්බන්ධයේන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් හොරණ අධිකරණයේ විභාගය වන නඩුවකට සහභාගිවීම සඳහා පැමිණි පුද්ගලයකු පවුල් උපදේශන කාර්යාලය තුළදී තම කුඩා දරුවා ඉදිරිපිට බිරිඳට පහර දීම සම්බන්ධයේන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

මෙම
පහරකෑමෙන් කාන්තාව ලේ ගලන තුවාල සහිතව සිහිසුන්ව බිම ඇද වැටී ඇත. පසුව 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.
මෙම යුවල තම එකම දරුවාගේ අයිතිය ඔවුන් දෙදෙනාටම ඉල්ලා ඇති නඩුවක් විභාග වන බව පොලිසිය පවසයි.

අධිකරණ නියෝග මත ඔවුන් දෙපල පවුල් උපදේශන නිලධාරියා උපදෙස් ලබාගැනීමට යොමුකර තිබී ඇත.
උපදේශන නිලධාරියා පැමිණෙන විට කාර්යාලය තුල දරුවා හඬමින් සිට ඇති අතර ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි කාන්තාව දැක පොලිසියට දැනුම් දී ඇත.
හොරණ පොලිසියේ පොලිස් සැරයන් 41052 ප්‍රියන්ත මහතා දැනුම් දීම මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතා විසින් එම ස්ථානයේදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ හඳපාන්ගොඩ, මෙනේරිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිද එක් දරු පියෙකි.
අධිකරණ සංවිධාන පනතේ අංක 55 හා දණ්ඩනීති සංග්‍රහයේ 314 හා 316 වගන්ති යටතේ අත් අඩංගුවට ගත් සැකකරු 18 දා හොරණ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ලඛන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා විසින් නියෝග කර ඇත.

ගල්පාත චන්දන පෙරේරා