ශානි අබේසේකරගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියෝග

shani-abeysekara[1]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකරගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමටත්, ඔහුගේ පෞද්ගලික පිස්තෝලයේ බලපත්‍රය නැවත ලබා දීමට ඇති හැකියාව සොයා බලා ඊට අදාළ කරුණු වාර්තා කරන ලෙසටත් අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දුන්නා.

සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර ගොනුකල රීට් පෙත්සම ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත සලකා බැලුනු අතර, එහිදී මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

ශානි අබේසේකරගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8 ක් අනියුක්ත කර ඇති බව පැවසුන නමුත්,  ආරක්ෂාව සැලසීමේ කටයුතුවල නිරතව ඇත්තේ පොලිස් නිලධාරීන් 3-4 ක් පමණක් බවයි ශානි අබේසේකරගේ නීතිඥවරයා පෙන්වා දුන්නේ.

සිය සේවාදායකයාට රාජකාරි කාලය තුළ ද ජීවිත තර්ජන එල්ල වී තිබුණු බවත්, ඔහුගේ ආරක්ෂාව සලකා බලා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.