X-Press Pearl නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව, ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
මීට පෙර එම අධිකරණය විසින් නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ අතර, ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීම සීමා වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම අදාළ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහාධිකරණය හමුවේ පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව එම නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති බවත් සඳහන්.

