ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,022 තුළම ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
එම කමිටු හරහා සෑම නිවසකම සිටින්නේ කවුරුන්ද යන්න තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.
ඒ අනුව කවුරුන් හෝ පුද්ගලයෙක් අදාළ ග්‍රාම සේවා වසමට අලුතින් පදිංචියට පැමිණෙන්නේ නම් අදාළ කමිටුව හරහා ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කරන බවද ඔහු සඳහන් කළා.
එසේම කවුරුන් හෝ පදිංචිය අතහැර යන්නේ නම් ඉවත්වීම හා යන ස්ථානය සම්බන්ධයෙන් අදාළ ප්‍රජා පොලිස් කමිටු හරහා පොලීසිය දැනුවත් කළ යුතු බවත් එමඟින් විවිධ අපරාධ සිදු කිරීමට අදාළ ස්ථාන භාවිතා කිරීම වැළැක්වීමට අදහස් කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

