එළඹෙන ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්වන බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඒ අනුව තම ආණ්ඩුවක් යටතේ ජනතාව සහන සැලසීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්, රජයෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මැතිවරණ පවත්වන ලෙසත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

