අල්ලස් ලබාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

රුපියල් 10,000ක මුදල් අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර නීති විරෝධී මත්පැන් ‍තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට නම් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

අදාල නිවසේ හිමිකරු මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (16) සවස නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.