Litro Gas ‌කොටස් විකිණීම සඳහා රජය අභිලාෂ කැඳවයි

litro-gas-company

Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd  යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබෙන බව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත  කිරීමේ ඒකකය පවසනවා.

Litro Gas Lanka Limited හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd හි 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින බවයි සඳහන් වන්නේ.

Litro Gas Lanka Limited ශ්‍රී ලංකාව තුළ LPG ආනයනය, පිරවීම, බෙදාහැරීම සහ විකිණීමේ නිරත වන අතර 85% ක වෙළඳ පොළකට ඔවුන් හිමිකම් කියන බව වැඩිදුරටත් සඳහන්.