යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.
වැට් බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ.
රුපියල් 70ට පැවති යෝගට් එකක් රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කිරි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් එහි මිල රුපියල් 100 ක් වන බවයි ඔහු සඳහන් කළේ.
රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර මේවාට වැට් බද්ද අය කිරීම නතරකර යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

