යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවද ඇය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ අවධානයද යොමුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

