අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා අතර ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පවුල් ලක්ෂ 20කට සහන සැලසීමේ අරමුණෙන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වන විට පවුල් ලක්ෂ 14කට ඉන් ප්‍රතිලාභ හිමිවන බවයි සඳහන් වන්නේ.
ලැබී තිබූ ලක්ෂ 11කට අධික අභියාචනා සහ විරෝධතාවලින් 60%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සලකා බලා අවසන් කර ඇති අතර ජනවාරි මස 31 වැනිදාට පෙර එම කටයුතු අවසන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


