මෙරට ජනගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසනවා.
රටේ වාර්ෂිකව සිදුවන උපත් සංඛ්‍යාව ඉතාම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් 2013 වසරේ සිදුවූ උපත් සංඛ්‍යාව සමඟ 2022 වසරේ සිදුවූ උපත් සංඛ්‍යාව සන්සන්දය කළහොත් උපත් සංඛ්‍යාව 90,000 කින් පමණ අඩුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව එය 25% ක අඩුවීමක් බවත් උපත් සංඛ්‍යාව අඩුවීම මරණ සංඛ්‍යාව වැඩිවීම හා තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම තත්ත්වයට හේතුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

