හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් එම වායු කාන්දුව නතර කිරීමට ගිනි නිවීම්, ආපදා කළමණාකර ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එම දුමාරය ප්‍රදේශය පුරා පැතිර යාම හේතුවෙන් මුඛ ආවරණ පළදින ලෙසට සෞඛ්‍ය අංශ හෝමාගම කර්මාන්ත පුරය අවට සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

