සරම්ප අතිරේක මාත්‍රාව ලබාදීම අද සිට

Measles

සරම්ප අතිරේක මාත්‍රාව ලබාදීමේ විශේෂ වැඩසටහන අද (06) සිට දිස්ත්‍රික්ක 04 ක ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද අතිරේක සරම්ප මාත්‍රාවක් ලබාදීම අනුමත කර ඇති බවත්, අදියර දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.