විදුලිබල මණ්ඩල​යේ වෘත්තීය සමිති නායකයින්ට අධිකරණයෙන් නියෝගයක්

court-2

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රංජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගෝල්ෆේස් ග්‍රීන් පරිශ්‍රයට ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බවයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අද (05) තෙවන දිනටත් පැවැත්වෙනවා.