අවුරුදු 75 ක් තිස්සේ දේශපාලන පක්ෂ බොරු කියලා රට වැටිලා තියෙන්නේ – වජිර

wajira-abewardhana

වසර 75 ක් තිස්සේ දේශපාලන පක්ෂ බොරු ප්‍රකාශ කිරීමෙන් රට වැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව මෙතැන් එහාට දේශපාලන පක්ෂවලට බොරු කීමේ අයිතිය නවතා දැමිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වැට් බද්දට චෝදනා කළද, එම මාර්ගයේ යාම හැර විකල්පයක් නොමැති බවත්, පෙට්‍රල් හෝ භූමිතෙල් නොතිබුණ රටක දැන් භාණ්ඩ ඇති බවද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගැටලුවක් නොමැතිව ක්‍රමාණුකූලව ඉදිරියට ගියවිට වැඩි වූ භාණ්ඩ මිල අඩු කළ හැකි බවයි.