නිසි අවසරයකින් තොරව ගුරුවරුන් 5000 කට වැඩි පිරිසක් රටින් පිටව ගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, අධ්‍යාපන පද්ධතිය තුළ 40,000 කට වැඩි ගුරු හිඟයක් පවතින බවයි.
රාජ්‍ය සේවකයන්ට වසර 5 ක කාලයක් නිවාඩු රැගෙන දේශීයව හෝ විදේශියව රැකියාවට යා හැකි බවට රජය තීරණයක් ගෙන තිබූ බවත් මෙය උපයෝගී කර ගනිමින් ගුරුවරුන් විදෙස්ගතව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
පවතින බුද්ධි ගලනය ඇති කරන ලද්දේ ආණ්ඩුව විසින් බවත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පළාත් සභා තුළට බලය ලබාදීම මඟින් පළපුරුදු ගුරුවරුන් ලැබේද යන්න ගැටලුවක් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.

