දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසීය.
මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී ඇති බවය.

