වියළි කාලගුණ තත්ත්වයත් සමඟ කුඹුරු අක්කර 39,000 ක් පමණ විනාශයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ සමීක්ෂණය අවසන් වූ පසු විනාශ වූ ප්‍රමාණය කුඹුරු අක්කර 50,000 ක් පමණ වනු ඇති බවයි.
ඉතිහාසයේ වන්දි මුදල් ගෙවීමට සිදුවන වැඩිම ප්‍රමාණය මෙය වනු ඇති බවත් ඒ සඳහා මුදල් සොයාගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නැවත ජනතාව ගොවිතැන් සඳහා යොමු කිරීමට සහනයක් ලබාදිය යුතු බවත් මුදල් සොයා ගැනීම අභියෝගයක් වුවද ජනාධිපතිවරයාද මේ සඳහා එකඟතාව පළකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

