සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී

court-2

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නිර්මාණයක් වූ සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ ඉසුරු ෂාන් බාලසූරිය නමැත්තා දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

යලිත් අධිකරණයට කැඳවූ ඔහු අද දින (ජුලි 24) පැවති විභාගයකින් පසුව තව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ලබන අගෝස්තු 7වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළිත් මෙම නඩුව විභාග කිරීමට නියමිතය.

කොළඹ බන්දුල රූපසිංහ