ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටිනවා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

iran-ishrayal-g

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවයි තානාපතිවරයා තහවුරු කළේ.

ඊශ්‍රායලයේ උතුරු  කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද, ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බවද, ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද නව ස්ථානවලට ගොස් ඇති බවද තානාපතිවරයා සඳහන් කළා.

පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.