වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.

court-2

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ට පහළ නිලයක් දරන කනිෂ්ක නිලධාරිනියක් පත්කර ඇති බවත් ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරයි.
ආණ්ඩුකාරවරයා විසින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතු වශයෙන් සලකන අතර, කුරුණෑගල විශාල ආදායමක් අහිමි කරන විගණන අංශ වලින් හෙළි වී ඇති, නගර සභා වැසිකිලි පද්ධතිය, අඩක් නිමවී ඇති නමුත් සම්පූර්ණ මුදල වැය කර ඇති ආණ්ඩුකාර ගොඩනැගිල්ල ම කොන්ත්‍රාත්කරුටම ලබා දෙන ලෙස ආණ්ඩුකාරයා විසින් නියෝග කර ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා විසින් උරන වී ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු ස්ථාන මාරු කර ඇත.
මෙම ආණ්ඩුකාර ගොඩනැගිල්ල ඉදිකළ සමාගම අසාදු ලේඛන ගත කර ඇති බවත් ඉදිකළ වැඩි මුදලක් ඔවුන්ට ගෙවා ඇති බවත්, වැඩ නිම වී ඇත්තේ සියයට පනහක් පමණ වුවද සියයට අනූවක පමණ ප්‍රතිපාදන ගෙවා ඇත.