පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් කමිටු

Consumer-Authority-archived

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

සෑම දිස්ත්‍රික්කයකම සහකාර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවා ඇති බවයි නීතිය හා බලගැන්වීම් අධ්‍යක්ෂ නීතිඥ අමිතා ජයතුංග සඳහන් කරන්නේ.

ළඟම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු ශාඛාවට පැමිණ ගැටලු සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.