හෝමාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

shooting

හෝමාගම – නියඳගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (20) රාත්‍රියේ නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් වෙඩි තබා පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 46 ක පුද්ගලයෙන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.