ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

weather-warning-1

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදේ 08.30 වන විට 8.80N – 88.90E ආසන්නයේ කේන්ද්‍රගතවී පැවතුන බවයි සඳහන් වන්නේ.

එය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ සහ මියන්මාර වෙරළ තීරය වෙත ළඟාවෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන්.

ඒ අනුව දැනට ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

aefe8bbbd3f6d8e62ff20b0e803bcab2

3ac9976d36282067838d969e56622bc8