මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය

dengue

මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කළේ,  පාසල් තුළින් ඩෙංගු පැතිරීම වළක්වා ගැනීමට සියලු කටයුතු ගතයුතු බවයි.

එසේම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ, ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන වසර බවට මේ වසර පත්විය හැකි බවයි.