CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ceypetco-new

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

අදාළ සංශෝධනය අනුව පෙට්‍රල් 95 ලීටරයක් රු.20 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රු.10 කින් ඉහළ දමා තිබෙන අතර පෙට්‍රල් 92 ලීටරයක් රු.15 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු.385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු.340 ක් වන අතර පෙට්‍රල් 92 ලීටරයක නව මිල රු.318 ක් වනවා.

භූමිතෙල් ලීටරයක මිල රු.50 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.245 ක්.

සාමාන්‍ය ඩීසල් මිලෙහි වෙනසක් නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

නව මිල ගණන් පහතින්.

c66c3b2858b5f3a601dc7cfe40de0940