IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද දිවයිනට

R

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහ බැංකු නිලධාරීන් සමගද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.