මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට විදෙස් සමාගම් 3 කට කැබිනට් අනුමැතිය

United-Petroleum

විදෙස් සමාගම් 03 කට ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum, ඇමෙරිකාවේ RM Parks සහ Shell PLC වෙත ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

RM Parks සහ Shell PLC සමාගම් එක්ව සේවා සැපයීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛණිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන, අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් වෙන්කරන අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අදාල තෝරාගත් සමාගම් මගින් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමටද නියමිත බවයි සඳහන් වන්නේ.

c167def3dbf2b8e66a45f21c98ecc227

ca313b0e8d7533bd1f03ace00f56ebec