ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඩුවෙයි

oil-1

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.59 ක් ලෙස සටහන් වී ඇති අතර WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.89 ක් ලෙසයි සටහන්වී තිබෙන්නේ.

අමෙරිකාවේ උද්ධමන දත්ත මෙලෙස බොරතෙල් මිල අඩුවීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.