2023 වන තෙක් ශ්‍රී ලංකාවට GSP + බදු සහන

GPS

2023 වන තෙක් ශ්‍රී ලංකාවට GSP + බදු සහන ලබා දෙන බව යුරෝපීය සංගමය ප්‍රකාශ කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර තිබෙනවා.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorstenbargfarde) මහතා මේබව ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගම් නියෝජිතයන් සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මෙම හමුව එම අමාත්‍යංශයේ දි පැවැත්වුණා. වෙළද වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP යුරෝපා සංගමය වෙත අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට හඳුන්වා දුන් බදු සහනයකි.

GSP+ යනු GSPසහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක උපාංගයකි. යුරෝපා සංගම් නියෝජිතයන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේ දි එම මෙහෙයුමේ පෙන්වා දුන්නේ GSP+ බදු සහනය වැඩි වශයෙන් හිමි වන්නේ මෙරට ඇගළුම් ක්ෂේත්‍රයට බවයි.

ඇගළුම් අපනයනයෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගම් රටවලට බව ද ඔහු මෙහි දි පෙන්වා දුන්නේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඇගළුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි.

අපනයන ආදායමට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තය ද ඇගළුම් කර්මාන්තය බව පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබද ව රජයේ ස්තූතිය පළ කරන බව ද සඳහන් කර තිබෙනවා.

යුරෝපා සංගමයේ රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා කැමැත්තෙන් සිටින බවත් එහිදී යුරෝපා සංගම් උප සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්. යුරෝපා සංගම් රටවල් වලට ශ්‍රී ලංකන් ගුවන් සේවා නැවත ආරම්භ කරන ලෙස ද ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ දැනටමත් ඒ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි