brih (1)

ශ්‍රී ලාංකිකයන් සිය 70 වන නිදහස් දිනය සමරද්දී  ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිරිසකට සිය නිල ඇඳුමේ තිබූ සිංහ ධජය සහ ගෙල පෙන්වා සිදු කළ අභිනය හේතුවෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ශ්‍රී ලාංකිකයන් අතර දැඩි කතාබහට ලක් වූ අතර ඔහු වෙනුවෙන් හඩ නැගීමට ලාංකිකයන් බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. එම  මතභේදාත්මක සිදුවීමෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාගේ සේවය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටවූ අතර පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ඔහු යළිත් එම රාජකාරීවල පිහිටවනු ලැබුවාය. එකී සිද්ධිය පදනම් කරගනිමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවඔහුට විරුද්ධව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර ඉකුත් 17 වැනිදා එම අධිකරණය විසින් මෙම නඩුව ජනවාරි 21 දා එනම් අද දින විභාගයට ගැනීමට කටයුතු කරන ලදී.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණයක් ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙයයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාය. 2018 ජනවාරි 4 දින ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔහුට මෙම නඩුව පවරා ඇති අතර මේ නඩුවේ පැමිණිලිකරුවන්නේ මජුරන් සතානන්දන්ය. ඔහු ලන්ඩන් නුවර ප්‍රධාන පෙළේ දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන්නෙකි. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගනු ලැබුවද කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ සාමයට, ඒකීයභාවයටනිදහසට මෙන් ම ඉදිරි ගමනට බාධාවකි. කොටි  ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට අප සමත් වුවද දෙමළ ඩයස්පොරාවෙන් රට බෙරා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස සතානන්දන් වැන්නන් තවත් බිහිවනු ඇත. රට ජාතිය බේරාගත් රණවිරුවන් දෙමළ ඩයස්පෝරාවේ දඩයමට ලක්විය යුතු නැත. රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ හඩක් නැගීම රජයේ වගකීමක් මෙන්ම යුතුකමකි. දෙමළ ඩයස්පෝරාවෙන් රට බෙරා ගැනීමට ජාතියක් ලෙස අප එක් විය යුතුය. එය වටහාගෙන කටයුතු කරන්නේ නම් දෙමළ ඩයස්පෝරාවට කිසිදිනක අපව පරාජය කළ නොහැකි ය.

සටහන – පබසරා රාජකරුණා