BIZZ NEWS
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන මගින් මනාව අනාවරණය වන පරිදි 2018 වර්ෂයේ දෙවන කාර්තුව අවසානයේදී ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතය 4.6% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය වර්ෂයේ මෙම අගය 4.5% ක් වූ අතර 2017 වාර්ෂික රැකියා වියුක්ති අනුපාතිකය 4.2%ක් ලෙසින් ගණන් බලා තිබේ.
කෘෂිකාර්මික හා කාර්මික අංශවල සේවා  නියුක්තියේ පහළ යාමක් වාර්තා වීම සහ සේවා අංශයේ සේවා නියුක්තියේ වර්ධනයක් දැකගත හැකි විම කර්මාන්ත ක්ෂේත්‍රයන් සැලකීමේදී 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දැකිය හැකි තවත් විශේෂ තත්ත්වයක් වේ