yyy
ශ්‍රි ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි 2018-01-03 දින සිට 2018 – 12- 12 වන දින දක්වා සති 50ක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 145.84 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.
2018-01-03 දිනය වන විට රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරිත්වය රුපියල් බිලියන 321.95 ලෙසින් සටහන් වන අතර එය දෙසැම්බර් දොළොස් වන දින සටහන්ව ඇත්තේ රුපියල් 176. 11 ක් ලෙසින්. මේ අනුව රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරීත්වය ගෙවී ගිය සති 50ක කාලපරිච්ඡේදය තුළදී 45.29% කින් පහළ ගොස් තිබේ.
2018 ඔක්තෝබර් 23 වන දින විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 26 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඔක්තෝබර් 23 සිට දෙසැම්බර් 12 කාල පරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 60 කින් පහත බැස තිබෙන ආකාරය ශ්‍රී ලංකා මහ   බැංකු දත්ත වාර්ථා වලට අනුව පෙන්නුම් කෙරේ.