බැසිල්ට ඒෙරහි නඩු විභගය අද – පැමිණිල්ලේ සාක්ෂි සටහන් නිසි පරිදි විත්ති පාර්ශවයට ලබා දී නැහැ

basil-rajapaksa

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අව භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහි නඩුව අද (15) කැඳවනු ලැබීය.

එහිදි විත්තිකාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් නිසි පරිදි විත්ති පාර්ශවයට ලබා දී නොමැති බවය.

අදාළ සාක්ෂි සටහන් ලබාදීමට කටයුතු කරන බවට නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පොරොන්දු වී තිබේ.

ඒ අනුව නඩු විභාගය ජුලි මස 26 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.