සතොස අළෙවි සැල් 500ක් රට පුරා

Rishad

මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදයමක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශය සදහන් කරයි.

ඉකුත් පෙබරවාරි 12 වැනිදා විවෘත කැරුණු මුතූර් ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල සතොස 325 වැනි ලංකා සතොස අළෙවි සැල වේ.

සතොස අළෙවි සැල් 500ක් රට පුරා ස්ථාපිත කිරීම රජයේ අරමුණ යැයිද දැනටමත් රුපියල් බිලියන 30 පමණ වෙළෙඳාමක් වසරකදී සතොසෙන් සිදුකරන බවද මුතුර් සතොස වෙළද සැල ආරම්භ  විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත් රිෂාඩි බදියුදීන් මහතා පැවසීය.

මෙමගින් ශ්රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ඉතා ගුණාත්මක භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට හැකියාව ලබාදී ඇතැයිද සතොස පාලන අධිකාරිය විශාල වෙනස්කම් වලට භාජනය කළා යැයිද දැනට සතොස සේවක සේවිකාවන් 3500 වැඩි පිරිසක් රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා යැයිද හෙතෙම පැවසීය

සතොස අළෙවි සැල් ජාලගත කිරීමේ කාර්යය දැනටමත් ආරම්භ කළ බවත් ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්යාපෘති 125ක් අපි සතොස වෙළෙඳ සැල්වල ක්රියාත්මක කළ බවත් අමාත්යවරයා මෙහිදී පැවසීය..

එසේම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූළව සුපිරි වෙළෙඳ සැල්වලින් ලබා ගත හැකි සියලුම සේවාවන් සතොස වෙළෙඳ සැල් මගින් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට ව්යාපෘති ක්රියාත්මක කර තිබෙන බවත් රජයේ ආයතනයක් ලෙස පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කරමින් ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීම ප්රධාන අරමුණ බවත් අමාත්යවරයා පෙන්වා දුනනේය.