ගිණිසීරියා ශාකය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහනක්

gliricidia-grown-on-ray-wijewardenes-coconut-estate-in-kakkapalliya

ගිණිසීරියා  ශාකය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහනක් පිළිබදව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශයේ අවධානය යොමුව තිබේ.

අනුව ගිනිසීරියා වගාව ස්වයං රැකියාවක් ලෙස ගෙවතුවගාවට හදුන්වාදීමේ අරමුණින් හෙක්ටයාර් 2000ක් වගාකිරීමේ ව්යාපෘතියක් ඊයේ (පෙබ 12) එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී ආරම්භ කරන ලදී.

මෙමගින් කිසිදු පරිසර හානියකින් තොරව ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් රටේ බලශක්ති අවශ්යතාවය 50%ක් සැපයිය හැකි බව අමාත්යංශය පෙන්වා දෙයි.ගිණිසීරියා  ශාකය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහනක් පිළිබදව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශයේ අවධානය යොමුව තිබේ.

අනුව ගිනිසීරියා වගාව ස්වයං රැකියාවක් ලෙස ගෙවතුවගාවට හදුන්වාදීමේ අරමුණින් හෙක්ටයාර් 2000ක් වගාකිරීමේ ව්යාපෘතියක් ඊයේ (පෙබ 12) එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී ආරම්භ කරන ලදී.

අද අප රටේ බලශක්ති ඉල්ලුමෙන් වැඩි ප්රමාණයක් දායක වන්නේ දර ආශ්රිත ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් වුවත් මෙම ඉන්ධන භාවිතය අවිධිමත් ඒත් වඩා ලාභදායී අවම පරිසර හානියක් ඇති මූලාශ් බව එම අවස්ථාවට සහභාගී වූ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත් රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එසේම ගල් අගුරු සහ ඉන්ධන සදහා අප රටේ විශාල මුදලක් පිට රටට ඇදී යන බවත් එය අපේ ආනයන වියදමෙන් 40%ක් බවත්  එබැවින් වෙනත් විකල්ප බලශක්තීන් සදහා යොමු විය යුතු බවත් අමාත්යවරවා එහිදී පෙන්වා දුන්නේය.

ගිණිසීරියා පැළ හෙක්ටයාර් 2000ක් වගාකිරීමේ ව්යාපෘතියෙන් අනතුරුව මෙම දර ප්රමිතියට අනුව එකලස් කරන මධ්යස්ථාන රටපුරා ඇති කිරීමට කටයුතු කරනවා යැයිද මෙය අපේ ජනතාවට අනාගතයේදී ස්වයං රැකියාවක් ලෙස ව්යාප්ත කළ හැකි යැයිද හෙතෙම සදහන් කළේය.

තම ගෙවත්තේ වගාකරන ගිණිසීරියා පැළයේ බද කොටසට ගම් මිරිස් වැළක් යවා කොළ ටික පොහොර වශයෙන් ගෙන අතු ටික එකලස් කිරීමේ මධ්යස්ථානයට දී තවත් අමතර ආදායමක් ලබා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් මෙලෙස  ආරම්භ කළ බවද  සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම ව්යාපෘතිය ශ්රී ලංකා සුනිත් බලශක්ති අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශයේ ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක කරන බවද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය පවසයි.